පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 1 වන පරිච්ඡේදය


තරුණිය, අඳුරු වනය හරහා වේගයෙන් දිව ගියාය. ඇගේ නිරුවත් දෙපා ගල් පතුරු වල වැදී පය පැකිළුනද, වියළි කොළ මතුයෙහි ඇය ලිස්සා ගියද, ඇය නොනවත්වාම දිව ගියාය. ඇයගේ රාත්‍රී ඇඳුම විසින් ඇගේ අත් නිරාවරණය කර තිබිණ. අතු පතරද කටු කොහොල්ද ඇගේ මස ඉරා දැම්මේය. නමුදු ඇය දිව ගියාය. ඇගේ මුහුණ, දඩයමට ලක් වන්නාවූ සතෙකුගේ මෙන් භීතියෙන් පිරී තිබුණේය.

දහඩිය බිඳු ඇගේ සිරුර පුරා විය. ඇය අමාරු‍ෙවන් හුස්ම ගත්තාය. කඳුළු වලින් ඇගේ දෑසම පිරී තිබුණේය. එවිටම ඇගේ දෑස මහත් ලෙස ඇරී ගියේය. ඇය බිම ඇද වැටුනාය.

ඇය, නෙරා ආ රුක් මුලක පැටළී තිබුණි. ඇය මුනින් අතට බිම වැටී සිටියාය. ඇයට නැගිට ගැනීමට පණක් ඉතුරුව තිබුණේ නැත. ඇය හති දමමින් එතනම සිටියාය.

හඹා ඒම අවසන් බව ඇය දැන සිටියාය. ඇයට කළ හැකිව තිබුණේ එය බලාපොරොත්තු වීම පමණකි.
එවිට, එය පැමිණියේය.

සුළි සුළඟක් මෙන් දූවිලි හා කොළ රොඩු අඳුරු වන භුමියෙන් නැගී ආවේය. දුහුවිලි යක්ෂයා ඉතා වේගයෙන් ඇය වටා භ්‍රමණය විය. මී මැස්සන් දහසක් අනින්නාක් මෙන් නැගී ආ කොළ රොඩු විසින් ඇයව පෙළන ලදී. බලාපොරොත්තු සුන්වූ අයුරෙන් ඇයගේ ඇසිපිය වැටෙන්නට විය. ඉන්පසුව පැමීණි අධිකතර ශ්වේත ආලෝක කදම්භයට හසුව ඒවා බොඳවී ගියේය.

අද්භූත ශ්වේත ආලෝකය, එළිමහන් භුමිය සිසාරා පැතිර ගියේය. ඒ සමගම පැමිණි උච්ච සංඛ්‍යාත ගුම් නාදය දරාගත නොහැකිව, තරුණිය ඇගේ දෙකන් වසා ගත්තාය. අධිවේගී ලී ඉරන කියතක ශබ්දයක අ‍දෝනාවක් මෙන් එය සුළඟ කපා ගෙන පැමිණියේය. ඉන්පසුව එය වඩාත් බිහිසුණු තත්වයට පැමිණියේ, බර ලෝහයකට වැරෙන් පහර දෙන්නාක් මෙන් කර්කෂ වූයේය.

තරුණියගේ මුළු ශරීරයම දැඩි වී තිබුණේ පැමිණෙන්නාවූ දෙයට මුහුණ දීමට විය හැක.
ශ්වේත ආලෝකය තුළින් රූපයක් මතුවී ආවේය. එහි ඡායාව පමණක් දිස් වුනේය. එවිට ආලෝකය වඩාත් ප්‍රබල වූයේ, නොපැහැදිලි අද්භුත රූපයද, තරුණියද, එළිමහත් ස්ථානයද, වනපියසද, රාත්‍රියද යන සියල්ල ඒ තුලට ගිල ගැනීමට එය සමත් වූයේය.

තරුණියගේ කටහඬ පමණක් ඉතුරු වුනේය. එය යම් වදනක් කියා කෑගැසුවේය. බොහෝවිට එය නමක් විය හැක. එය අනුමාන කිරීමට අසීරුය. ඇයගේ විලාපය අධිකතර වේදනාත්මක එකක් වූයේය.
ඇගේ විලාපයේ දෝංකාරය මැකී ගියේය. ආලෝකයද ක්ෂය වී ගියේය. අඳුරු වනය අමු සොහොනක් මෙන් නිසල වූයේය. ඉන්පසු නැවතත් කුරුල්ලන් නාද කරන්නට විය. සුළඟට අතු කොළ සැලෙන්නට පටන් ගත්තේය. ජීවය නැවතත් ආරම්භ වූයේ, අජීවී තරුණිය, ජීවත්වන්නන්ට සොයා ගැනීම සඳහා ඉඩ හරිමිනි.

ඔවුහු, ඇයව ඊට පසු දිනයේම සොයාගත්හ. කුරුළු දඩයක්කරුවකුට අරුනළු වැටෙත්දීම ඇගේ දේහය ඇස ගැසී තිබුණේය. ඔහු නගරය කරා අධිවේගයෙන් තම රිය පදවා එම පුවත අන් අයට දැනුම් දුන්නේය. උදෑසන හිරු විසින් ඔරිගන් අහස තද නිල් පැහැයට හරවද්දී, නීතිය, තම කාර්යය කිරීමට එතැන වූයේය.

..................................................................................................................................................................

මම හිතන්නේ මරණය සිදුවෙලා තියෙන්නේ මීට පැය අටකට දොළහකට ඉස්සර නගරයේ මරණ පරීකෂක තැන, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට කීවේය. ඔවුහු මුනින් අතට වැටී සිටි මියගිය තරුණිය අසළ සිටගෙන සිටියෝය. මරණ පරීක්ෂක වරයාගේ සහායකයන් දෙදෙන තරුණිය අසළ දණ ගසාගෙන පරීක්ෂාවක විය.

හේතුව? පොලිස් පරීක්ෂක වරයා ඇසුවේය. ඔහු විශාල ශක්තිමත් මිනිසෙක් වී නමුදු මෙවේලෙහි නම් ඔහුගේ පුළුල් උරහිස් මඳක් එල්ලී වැටී තිබුණි.

පිළිතුරු දීමට පෙර මරණ පරීක්ෂක වරයා මදක් උගුර පෑදුවේය. පේන්න නම් කිසිම හේතුවක් නෑ පුංචි පුංචි තැලීම් සීරීම් ඇරුනහම. පහර දීමක් ශාරීරික හිංසාවක් පෙන්නන්නෙ නම් නෑ. නමුත් ඔක්කොටම තියෙන්නෙ මේක විතරයි

මරණ පරීක්ෂක වරයා තරුණිය දෙසට නැමුණේය. ඔහු තරුණියගේ රාත්‍රී ගවුමේ වාටිය මඳක් ඔසවා පිට ප්‍රදේශයේ පහළින් වූ පුංචි රිදී කාසි දෙකක් මෙන් වූ රතු පැහැති කැළැල් දෙකක් නිරාවරණය කළේය.




පොලිස් පරීක්ෂක වරයා ඒවා දෙස බැලුවේය. ඉන්පසු මරණ පරීක්ෂක වරයා හා බැල්මක් හුවමාරු කරගත්තේය. ඔවුන් දෙදෙනාගේ දෑසේ පුදුමයක් හෝ ප්‍රශ්නාර්ථයක් නොම වීය. බිහිසුණු යතාර්ථයක නැවත හමුවීමක් ඒවායෙහි ප්‍රදර්ශනය වූයේය.

පොලිස් පරීක්ෂක වරයාගේ හනු තදින් හා වුනේය. ඊළඟට ගතයුතු පියවර කල්දැමීමට ඔහුට ඕනෑ උනේ නැත.

ඇයව අනික් පැත්ත හරවන්න ඔහු කීවේය.

සහායකයින් දෙදෙන විසින්, දරදඬු වී තිබුණු තරුණියගේ සිරුර අනෙක් පසට පෙරළන ලදී. කොළ රොඩු හා මඩ ඇගේ මුහුණේ ඇලී තිබුණි. නාසයෙන් ගලා ආ වියළී ගිය ලේ පැල්ලම් දුඹුරු පැහැති ආලේපයක් මෙන් ඇගේ මුහුණේ විය. නමුත් ඇයව හඳුනා ගැනීම, පොලිස් පරීක්ෂක වරයාට අපහසු එකක් වූයේ නැත. වචන පිට කිරීම නම් ඔහුට අපහසු කාර්යයක් වූයේය.

කේරන් ස්වෙන්සන් ඔහු සෙමින් පැවසුවේය.

හොඳටම විශ්වාසද? එක් සහායකයකු ඇසුවේය.

මෙයා ඉස්කෝලෙ ගියේ මගේ පුතා එක්ක, පොලිස් පරීක්ෂක වරයා කීවේය.

ඉන්පසු කිසිදු වදනක් නොදොඩා, පොලිස් පරීක්ෂක වරයා තම ට්‍රක් රථය වෙත යාමට යුහුසුළු විය.
89යෙ කණ්ඩායම? මරණ පරීක්ෂක වරයා හඬඟා ඇසුවේ ඉවතට යමින් සිටි පොලිස් පරීක්ෂක වරයාගෙනි.

නමුදු පිළිතුරක් ලැබුණේ නැත. ඒ වෙනුවට පොලිස් පරීක්ෂක වරයා තම වේගය මඳක් වැඩි කළේය.
මරණ පරීක්ෂක වරයාගේ හඬගෑම නතර වූයේද නැත, ඒක ආ‍ෙයමත් සිදුවෙනවද?
එය ප්‍රශ්නාර්ථයකට වඩා, බිහිසුණු පිළිතුරකට ආසන්න වූයේය.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



8 අදහස්:

  1. දිගටම ලියන්න.., ආසවෙන් කියවන්න පුලුවෙන් වෙයි කියලා හිතනවා.., මීට කලින් මේ වගේ මාලා නාටකයක් සවිස්තරව සිංහලයට හැරවුනේ නෑ.., එහෙම උනත් ඒ බෝහෝම සංෂිප්තව..!
    ජයෙන් ජය..!
    සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ලිෂාන්! ඔබටත් සුභ නව වසරක් වේවා!

    ඔබලාගේ දිරිගැන්වීම් මත මෙම කෘතිය පරිවර්තනය කිරීම ප්‍රීතිදායක කරුණක් වනු ඇත.

    ඔබට ජය!

    ReplyDelete
  3. අද තමා මේක දැක්කේ
    ආරම්භයක් වශයෙන් හොදයි
    දිගටම ලියන්න ජය

    ps. බුක්මාර්ක් කරා දන්නා තැන වල ෂෙයාර් කරා

    ReplyDelete
  4. අලුත් දෙයක් වගේම හොඳ දෙයක්!
    දිගටම පරිවර්තනය කරලා ලියන්න ශක්තිය ලැබේවා!!

    ReplyDelete
  5. @Dar[K] - බොහොම ස්තූතියි සහෝ! ඔබට ජය!
    @Pravin - ඔබගේ දිරිගැන්වීමට බොහෝම ස්තූතියි ප්‍රවීන්!

    ReplyDelete
  6. නියමායි!...........දිගටම ලියන්න. මම ආසාවෙන් කියවනවා

    ReplyDelete
  7. ඇත්තටම නියමයි. දිගටම ලියන්න. මේක බ්ලොගර් වලින් හදපු එකක් නම් ෆලෝ ගැජට් එක දන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසිඳු, ඔන්න ඔයා කියපු නිසා ගැජට් එක දැම්මා...

      Delete