පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

The X Files Wiki




The X-Files යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ සහ අද්භූත කතා අතුළත් රූපවාහිනී මාලා නාටකයකි. එය ක්‍රිස් කාටර් විසින් නිපදවන ලද The X Files වෙළඳ මාධ්‍යයේ කොටසකි. මෙම වැඩසටහන මුලින්ම විකාශනය වූයේ 1993 සැප්තැම්බර් 10 වන දා සිට 2002 මැයි 10 වන දින දක්වා අදියර නවයක් සහ කතාංග 202 කිනි. කතාමාලාව තුළින් FBI විශේෂ නියෝජිත Fox Mulder (David Duchovny) සහ Dana Scully (Gillian Anderson) විසින් X-Files: නැමැති නොසළකා හරින ලද, නොවිසඳුනු පාරභෞතික සංසිද්ධීන් ඇතුළත් ලිපිගොනු විභාග කරන අයුරු විදහා දක්වයි. මුල්ඩර් වනාහී පිටසක්වළ ජීවීන් හා පාරභෞතික සිද්ධි දාමයන් විශ්වාස කරන්නකු වන අතර ස්කලී වනාහී විද්‍යාත්මක විශ්ලේෂණයන් මගින් මුල්ඩර්ගේ කාර්යය බොරුවකැයි ඔප්පු කර ඔහුව සාමාන්‍ය කාර්යයන් සඳහා ඈඳා ගැනීම සඳහා යොදවන ලද ඒජන්තවරියකි.


ක්‍රිස් කාටර්

The X-Files නිර්මාණය කිරීම සඳහා Alfred Hitchcock Presents, The Twilight Zone,Night Gallery, Tales from the Darkside සහ විශේෂයෙන්ම Kolchak: The Night Stalker වැනි කතා උදවු වූවා යැයි කිව හැක.  ප්‍රධාන චරිත නිර්මාණය කිරීමේදී කාටර් විසින් සාමාන්‍ය අච්චුවෙන් බැහැරව පිරිමියා විශ්වාස කරන්නා ලෙසද ගැහැණිය අවිශ්වාස කරන්නිය ලෙසද නිර්මාණය කරන ලදී. සත්වන අදියර දක්වාම  දෙදෙනාම එකම තලයක පෙනී සිටියද අවසාන අදියර දෙකේදී ස්කලී තාරකාව බවට පත්වූයේ නඩු විභාගයක් නිසා මුල්ඩර්ගේ ඉඳහිට පෙනී යාම නිසාවෙනි. නව චරිත දෙකක් ලෙස FBI ඒජන්ත John Doggett (Robert Patrick) සහ Monica Reyes (Annabeth Gish) හඳුන්වාදෙන ලද්දේ ඒ අතරය. එසේම මුල්ඩර්ගේ හා ස්කලීගේ ප්‍රධානියා ලෙස සහකාර අධ්‍යක්ෂක Walter Skinner (Mitch Pileggi) ද ප්‍රධාන චරිතයක් බවට පත් විය.  The X-Filesහි පළමු අදියර පහ Vancouver, British Columbia, හි රූගත කරන ලද මුත් මුල්ඩර්ට උපකාරයක් ලෙස පසුව එය Los Angeles, California වෙතට ගෙන එන ලදී.


ඩේවිඩ් ඩුකෝවුනි


The X-Files වනාහී Fox නාලිකාවේ අතිශය ජනප්‍රිය වැඩසටහනක් වූයේය. මුලින්ම එය පාරභෞතික ලබ්ධිකයන්ගේ වැඩසටහනක් මෙන් සැළකුවද එය ඉතා ඉක්මනින් සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වූයේය.  කතාමාලාව අවසන් වන කාලය එළඹි විට ඇමරිකානු රූපවාහිනී ඉතිහාසයේ වැඩිම කාලයක් තිස්සේ විකාශනය වූ විද්‍ය ප්‍රබන්ධ මාලා නාටකය බවට එය පත්ව තිබුණේය. කතාමාලාව නිසා පසුකාලීනව චිත්‍රපටි නර්මාණය වූයේය. අතිවිශාල සුභවාදී රූපවාහිනී විචාරයන් එයට හිමි වූයේය.  කතාමාලාව  Golden Globe Award for Best Television Series – Drama සම්මානය බොහෝ අවස්ථාවලදී දිනා ගත්තේය. Duchovny සහ Anderson බොහෝ නාම යෝජනා වලට පාත්‍ර වූවෝය. එය ජනප්‍රිය සංස්කෘතියක් බවට පත්ව රාජ්‍ය ආයතනයන් වල සැඟැවුනු රහස් හා පාරභෞතික අධිමානසික සංසිද්ධීන් විශ්වාස කරන්නාවූ ප්‍රේක්ෂකයින්ගේ ඇතුළු හදට ආමන්ත්‍රණය කරන්නක් වූයේය.


ගිලියන් ඇන්ඩර්සන්




Leave a Reply