පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 10 වන පරිච්ඡේදය


එ‍හෙම නම් එහෙමයි, ඇය තමාටම කියා ගනිම්න් ඕනෑම දෙයකට සූදානම් වූවාය.

දීප්තිමත් ආලෝකය වෙතට ඇය තම විදුලි පන්දම එල්ල කළාය.

ඒයි... ඔය මොනවද කරන්නේ? කටහඬක් පවසනවා ඇයට ඇසුණි.

ඇයට පෙණුනු රූපය කුමක්දැයි ඇයට තේරුම් ගියේ දැන්ය.

පොලිස් පරීක්ෂකයෙකු තුවක්කුවක් එල්ල කරගෙන එහි සිටියේය.



ඔබ මේ ඇතුළු වෙලා තියෙන්නේ පුද්ගලික ඉඩමකට, ඔහු ඇයට කීවේය.

අපි මේ පරීක්ෂණයක් කරන්නේ, උගුරෙහි තිබූ කෙළ ගිලිම්න් ඇය පැවසුවාය. අපි එෆ්බීඅයි.

කවුරු වුනත් මට වැඩක් නෑ, පරීක්ෂකවරයා කීවේය. වහාම මෙතනින් ඉවත් වෙන්න. නැත්නම් අනවසරයෙන් ඇතුළු වුනාට විරුද්ධව මට පියවර ගන්න වෙනවා.

ක්ෂණයකින්ම මුල්ඩර්ගේ කටහඬ අන්ධකාරයෙන් ඇදී ආවේය. මේක අපරාධ ස්ථානයක්.

කටහඬ ආ දෙසට ස්කලී තම ආලෝකය දිගු කළාය. එළිමහන් ස්ථානයේ කෙළවර මුල්ඩර් සිටගෙන සිටියේය.

මම පොලීසියෙන්, පොලිස් පරීක්ෂකවරයා කීවේය. දැන් වහාම තම තමන්ගේ වාහන වලට නැඟලා පිටත් වෙන්න.

පොළිස් නිළධාරියාගේ දැඩි බැල්ම දෙස හා තුවක්කුව දෙස බැලූ මුල්ඩර්, ඇහුණා නේ කියපු එක. අපිට නීතියට හිස නමන්න වෙනවා. යි ස්කලීට කීවේය.

මුල්ඩර් අනුව යමින් ස්කලී පොළිස් නිළධාරියාගේ ට්‍රක් රථය පසුකර පැමිණියාය. රියදුරු ආසනට ඉහළින් වූ අධිබලැති විදුලි බටය තමා මඳකට අන්ධ භාවයට පත්කළ උපකරණය බව ඇය හැඳින ගත්තාය. ට්‍රක් රථයේ ඩීසල් මෝටර‍යෙන් පහත් වූ ගුම් නාදයක් නික්මෙමින් තිබුණි. ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ එයයි. විකාර සිදුවීම් වලට මුහුණපා සිටි ඇයගේ ස්නායූන් සාමාන්‍ය ‍දේවල් පවා අසාමාන්‍ය අයුරින් කල්පනා කිරීමට ඇයව පොළඹවනු ලැබ ඇති බව ඇයට තේරුණි.



එක්වරම ඇයගේ රෝම කූප කෙළින් වී ගියේය.

අකුණක් අහස සිසාරා ඇදී ගියේය.

හෙණ හඬක් මෙන් ගෙරවුමක් නැඟී ආවේය.

ඉක්මනට මෙතනින් යමු, ඇය මුල්ඩර්ට කීවාය.

හරි, මුල්ඩර් එසේ කියමින් කාරය වෙත පැමිණ මගී ආසනයේ හිඳ ගත්තේය.

ඔයා එළවන්න, ස්කලී කීවාය. මට තියෙනවා පොඩි දේවල් ටිකක් පරීක්ෂා කරන්න.

ඔයා කියනව නම්, කියූ මුල්ඩර් මාලිමාව ගෙන ඉදිරිලෑල්ල මත තබා ආසන පටි පැළඳ ගත්තේය. ඔයත් ආසන පටිය දා ගත්තා නම් හොඳයි. ඔහු ස්කලීට උප‍ෙදස් දුන්නේය.

නැවතත් අකුණක් ගැසුවේය. වැසි බිංදු සුළං කවුළුව මත පතිත වන්නට පටන් ගත්තේය. වීදුරු පිසදමනය ක්‍රියාත්මක කළද එයින් වූයේ අල්ප සහායකි. මොරසූරන වැස්සක් කඩා හැලෙමින් තිබුණි. අධෛර්යයට පත් නොවූ මුල්ඩර් ඇක්සලේටරය පාගා මෝටර් රථය කැළයෙන් ඉවතට අධි වේගී මාර්ගයට ගෙන ආවේය.

මේ අතර පිළිස්සුණ පොළව මත තිබූ අළු පරීක්ෂාවක ස්කලී නිමග්න වූවාය.



මේ මොකක් නිසා කියලද ඔයා හිතන්නේ? ඇය ඇසුවාය.

ලැව් ගින්නක්? හැඟීමකින් තොරව මුල්ඩර් කීවේය. කඳවුරක් ගහපු අය නිසා? ඔහු විරිත්තුවේය. ඇයි මගෙන් අහන්නේ? ඔයා මගේ අදහස් වලට කැමති නෑනෙ.

මම හිතන්නේ මේ මොකක් හරි චාරිත්‍ර විධියක් වෙන්න ඇති. සමහර විට බිලි පූජාවක්, ස්කලී කීවාය. මම හිතපු විදිහ හරි වගේ. මේ ඇවිල්ලා සාතන් අදහන කල්ලියක්. කෝකටත් අපි ආපහු එතනට යන එක හොඳයි.

හ්ම්... මුල්ඩර් උනන්දුවක් දැක්වූයේ නැත. ස්කලී කාලගුණය ගැන කතා කරන්න‍ට වූ නමුත් මුල්ඩර් පසු වූයේ වඩා හොඳ ගුවන්විදුලි සංඛ්‍යාතයක් සුසර කිරීමෙහි යෙදෙමිනි.

ඔහුගේ අත එක්වරම සුසර කිරීම නතර කරන ලදී.

‍ගුවන්විදුලි යන්ත්‍රයෙන් නැගී ආවේ ගුම් නාදයකි.

දැක්කද? මුල්ඩර් ඇසුවේය.

ස්කලී මුල්ඩර් බලා සිටි දෙස බැලුවාය. මාලිමාවේ කටු නිකරුණේ කරකැවෙමින් තිබුණි.



මුල්ඩර් කවුළුවෙන් පිටත බැලුවේය.

මොකද මුල්ඩර්? ස්කලී ඇසුවාය. මොකක් දිහාද ඔයා බලන්නේ?

මුල්ඩර් පිළිතුරක් දුන්නේ නැත. ඒ වෙනුවට හෙතෙම රථය පැදවිමෙහි නිමග්න වූයේය. මාර්ගයේ ජලය පිරෙමින් තිබුණද මෝටර් රථය ඉදිරියටම ගියේය.

මුල්ඩර් මම හිතන්නේ - ස්කලී යමක් කීමට ගියාය.

අකුණක් ඇයගේ කතාවට බාධා කළේය.

අහස ඒකාලෝක කරමින් ඇදී ගිය අකුණ නිසා මෝටර් රථය ඇතුළත පවා ආලෝකමත් වූයේය.



ඉන්පසු සියල්ලම අන්ධකාර වූයේය.

මෝටර් රථයේ ආලෝකය නිවී ගොස් තිබුණි.

ශබ්දයකට තිබුණේ මොර සූරන වැස්ස පමණි.

එන්ජිම නතර වී තිබුණි.

මොටර් රථය තාර පාර දිගේ සෙ‍ෙමන් අවුත් මාර්ගයේ පැත්තක නතර වූයේය.

ආ, ස්කලී ඇසුවාය. මොකක්ද වුනේ?

විදුලිය නැති වුනා. බ්රේක්, සුක්කානම, හැමදෙයක්ම. මුල්ඩර් ඇයට කීවේය. නමුත් ඔහුගේ බැල්මේ හෝ කටහ‍ඩේ තිබුණේ කරදරකාරී බවක් නොව තෘප්තිමත් ස්වරූපයකි. රත්රන් මුද්දක් අහුළා ගත් කුඩා එකෙකු මෙන් ඔහු ප්‍රීතිමත් ස්වාභාවයක් දැක්වීය.

ඔහු තම ඔරලෝසුව දෙස බැලුවේය.

අපිට විනාඩි තුනක් අතපසු වුනා. මුල්ඩර් කීයේය.

මොකක් අතපසු වුනා? ස්කලී ඇසුවාය.

විනාඩි තුනක්! මුල්ඩර් නැවතත් කීයේය.

ඉන්පසුව හෙතෙම මෝටර් රථවයන් ඉවතට අවුත් නා කපන වැස්සේම ඇවිදගෙන ගියේය. කළ හැකි කිසිවක් නොවූ ස්කලීද ඔහු අනුකරණය කරමින් පිටතට පැමිණ ඔහු පසුපස ගියේ කුඩා දරුවෙකු මායාකාර නළාකරුවා පසුපස යන්නාක් මෙනි.

මාර්ගයේ යාර තිහක් පමණ ගිය පසු මුල්ඩර් නැවතී ස්කලී එනතුරු රැඳී සිටියේය.

අපිට විනාඩි තුනක් අතපසු වුනා, ඔහු නැවතත් ඇයට කීවේය. අකුණ ගහන්න ඉස්සෙල්ලා මම මගේ ඔරලෝසුවේ වෙලාව බැලුවා. එතකොට නවයයි තුනයි. ගහපු ගමන්ම නවයයි හතයි. හරියටම මෙතන.

ඔහු තාර මත යමක් ස්කලීට පෙන්වූයේය. තැඹිලි පැහැති විශාල එක්ස් අකුරක් වර්ෂාව මතුයෙහි දිදුලමින් තිබුණේය. මුල්ඩර් විසින් මීට පෙරදී එය සළකුණු කළ අන්දම ඇයට මතක් වුණි. එයට මඳ කාලයක් ගත වූ ලෙස හැඟුනත් එය සිදුවූයේ පෙර දිනයේය. නමුත් වසරකට පමණ පෙර සිදුකළ දෙයක් ලෙස ඇයට හැඟී ගියේය. මේ කෙටි කාලයට ඔවුන් බොහෝ දේට මුහුණපා තිබුණි. ඇය අභ්‍යන්තරයේද එය එසේම වූයේය.



මෙම පරීක්ෂණය දුරදිග යන බව ස්කලීට වැටහී ගියේය. අතිප්‍රාමාණික දත්තයන්ගෙන් පිරීගිය පරිඝණකයක් යම් සේද ඇයටද නැවත ආරම්භයක් ඇවැසි වී තිබුණි.

අඩුම තරමේ සුළු කාලයකට වත් මේ සිදුවීම් නොසිදුවුව නම් මනා යැයි ඇයට සිතුණි.  

නමුත් එය එසේ වූයේ නැත.

පැහැරගෙන ගිය අයට කාලය නැතිවුනා වගේ දැනිලා තියෙනවා, මුල්ඩර් කීවේය. ඒ වගේමයි ඒවා දැක්ක අයටත්.

පැහැරගෙන ගිය අය, ස්කලී මුහුණ පුළුටු කරගනිමින් සිතුවාය. මුල්ඩර් තම පිටසක්වළ ජීවීන්ගේ න්‍යාය අත් හැරීමට සූදානම් බවක් පෙණුනේ නැත. එවැනි දේ පවතින බව ඔහු සැබැවින්ම විශ්වාස කරයි. ඔහුට අනුව මේ අවට පවා ඔවුන් වෙත කඩා පැනීමට සූදානමින් ඔවුන් සිටිනු ඇත.

ඔයා කොහොමද එහෙම කියන්නේ - ස්කලී කීමට උත්සාහ කළාය.

අර බලන්න! මුල්ඩර් කීවේය.

ඔහු මාර්ගයේ තිබුණු ඔවුන්ගේ මෝටර් රථය ඇයට පෙන්වීය. එහි ආලෝක බුබළු දැල්වී ඒවා ඔවුන් වෙත එල්ල වී තිබුණි.

මේ මොකද? - ස්කලී විස්මයෙන් එදෙස බැලුවාය.

දැක්කනේ මම එළවන්න ගත්තම වෙන දේවල්, මුල්ඩර් කීවේය. මොකක් වෙයිද කියලා අනුමාන කරන්න බෑ.

මම කියන්නද මොකක්ද වෙන්න ඕනි කියලා? ස්කලී කීවාය. ඔයා කෙලින්ම හෝටලේට මේක එළවගෙන යන්න. නවතින්න බෑ. වෙන ගමන් බෑ. කෙළින්ම.

අනිවාර්යයෙන්ම, මුල්ඩර් කීවේය. අද අපි දැක්ක දේවල් වැඩියි.

ප්‍රමාණයටත් වැඩියි, ස්කලී එකඟ වූවාය.

අවසානයේ තම හෝටල් කාමරයට පැමිණි ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. උණුසුම් ස්නානයකින් පසුව හොඳ නින්දක් ලබා ගැනී‍ෙමන් මේ සියල්ල දුඃස්වප්නයක් මෙන් ඉවත්ව යනු ඇත.

නමුත් පළමුව ඇයට කළ යුතු කාර්යයක් තිබිණ. ඇය තම ලැප්ටොප් පරිඝණකය ‍පණ ගන්වා යමක් යුතුරු ලියනය කිරීමට හිඳ ගත්තාය.

ඒජන්ට් මුල්ඩර්ගේ නොදන්නා බලවේගයක් නිසා සිදුවන කාලය අතුරුදන් වීමේ න්‍යාය පිළිබඳ මා හට එකඟ විය නොහැක. මා එය පිළිබඳ සිතන්නේ හාත්පසින්ම වෙනස්...



ඒ මොහොතේ දී හෝටල් කාමරයේ ආලෝකය මඳක් ගැස්සෙමින්, සම්පූර්ණයෙන් නිවී ගියේය.

ස්කලීගේ පරිඝණකය පණගැනිවී තිබුණේ එය බැටරියෙන් ක්‍රියාත්මක වන බැවිනි.

ස්කලී අවසාන ඡේදය දෙස බැලුවාය. මා එය පිළිබඳ සිතන්නේ හාත්පසින්ම වෙනස්... ඇය තමා වටා ඇති අන්ධකාර දෙස නෙත් යොමා තොල් සපා ගත්තාය. ඇය එම වාක්‍යය උදෘත කොට එය හිමින් සීරුවේ මකා දැම්මාය.

කුමක් ලිවීමට දැයි ඇය කල්පනා කළාය. අවසානයේ ඇය පරාජය පිළිගත්තාය. මේ සියල්ල අතිප්‍රාමාණික ලෙස ඇයව වෙහෙසට පත් කර ඇයගේ චින්තන ශක්තිය මොට කර තිබුණේය. දහවල් කාලයේදී නම් මේ සියල්ල ‍ෙත්රුම් ගැනීම පහසු වනු ඇතැයි ඇය සිතුවාය.

පරිඝණකයේ ආලෝකයෙන් ඇය කාමරයේ තිබූ ඉටිපන්දම් කිහිපයක් සොයා ගත්තාය. එයින් එකක් දැල්වූ ඈ ඈනුමක් හැර නිදිගැට කඩමින් සිතුවේ මුල්ඩර් මේ වෙලේහි කුමක් කරනු ඇත්ද යන්නයි. ඇයට නම් අවශ්‍ය වී තිබුණේ හැකි තරම් වේලා නිදා ගැනීමටය.

ඇය නාන කාමරයට ගොස් ඉටිපන්දම වතුර බේසිනය උඩින් සිටවූවාය. එහි ආලෝකය ගැස්සෙමින් කැඩපතේ හා සුදු පැහැති බිත්ති වල ප්‍රතිබිම්භයන් ඇති කළේය.

ස්කලී කරාමය හරිමින් ජලයේ උෂ්ණත්වය පිරික්සා කර බැලුවාය. එය මනාව උණුසුම් වී තිබුණි. එහි පහස ලබා ගැනීමට ඇය උත්සුක වූවාය. 



ඇය තම ඇඳුම උනා දමා එය අබිමුවට පැමිණියාය.

ඉන්පසුව ඇය භීතියෙන් කෑ ගැසුවාය.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



5 අදහස්:

  1. aiya digatama liyanna.api hamadama balanawa...eeye post eka ai damme naththe?

    ReplyDelete
    Replies
    1. පොත මුද්‍රණය කරන්න හිතන් ඉන්නේ ගොඩක් දෙනා ඉල්ලපු නිසා.... නැත්නම් මේකේ අයිතිය මට නැතිව යනවානේ.... මේ පොත නම් සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරලා ඉවරයි....

      Delete
    2. ඔන්න ඔයාගේ ඉල්ලීම නිසා තවත් පරිච්ඡේදයක් දැම්මා...

      අභිරහස් සළකුණු - 11 වන පරිච්ඡේදය

      http://www.xfilesbooks.com/2013/03/x-marks-the-spot-11.html

      Delete
  2. supiri katha tika..ela.ela

    ReplyDelete