අභිරහස් සළකුණු - 4වන පරිච්ඡේදය
පසුදින උදෑසන
ස්කලී සිටියේ ඔරිගන් බලා පියාසර කරන බෝයිං 747 යානයක් තුළය. ඇය සිටියේ යානය මැදට
වන්නට පිහිටි ආසනයකය. ඇයට පසෙකින් මුල්ඩර් ආසන සතරක් මත සුව නින්දේ පසුවිය.
ස්කලීගේ වෝකමනය
තුළින් ගැමි සංගීතයක් වාදනය වෙමින් තිබුණි. බර ලිපිගොනුවක් ඇයගේ උකුළ මත්තෙහි
විය. නමුත් ඇය සංගීතය ශ්‍රවණය හෝ ලිපි ගොනුව
කියවීම කළේ නැත. සංගීතය ඇය නිතර අසා ඇත. ලිපිගොනුව ඇය කළින්ම කියවා ධාරණය කරගෙන
තිබුණි. ඒවායෙහි තිබුණේ බෙලෙෆ්ලුයර් උසස් පාසලේ 89 වසරේ කණ්ඩායමේ අධ්‍යාපනය ලැබූ
හතර දෙනෙකුගේ අභිරහස් මරණයන් පිළිබඳවය. ඇය ඒවා ගැන පසුව කල්පනා කරනු ඇත. දැනට ඇය
කල්පනා කරමින් සිටියේ පෙරදින රාත්‍රියේ හමුවීමට අපේක්ෂා කළ ඇයගේ පෙම්වතා වන ඊතන්
මිනෙට් ගැනය.
ඔවුන් දෙදෙනාගේ
හමුවීම ඇය විසින් බිඳ දැමීම ගැන ඊතන් එතරම් සැළකුවේ නැත. ඔහු එසේ සළකන්නේ නැති බව
ඇය කළින්ම දැන සිටියාය. ඇයට කළ යුතුව තිබුණේ තමාට හදිසි වැඩක් යෙදී ඇති බව ඔහුට
දැනුම් දීම පමණි. ඔහුත් එවැනිම ආකාරයෙන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔහු බොහොමයක් එසේ
කර ඇත. දෙදෙනාටම රාජකාරිය හරස් වූ අවස්ථාවන්-විශේෂයෙන්ම ඊතන්ට එමට ඇත.
තමා මුල්ඩර්
ගැන කළින් අසා ඇත්තාක් මෙන් මතක බව ඔහු පවසා තිබුණි. වසරකට පෙරාතුව අයෝවාහි කොන්ග්රස්
සභිකයකුට “භූත” මුල්ඩර්
විසින් යෝජනා කර තිබුණේ පිටසක්වළ ජීවීන් ගැන කරන පර්යේෂණ සඳහා අරමුදල් ලබාදෙන
ලෙසය. එය රාජ්‍ය මට්ටමේ විහිළුවක් බවට පත්විය. එවැනි තොරතුරු ගැන ඊතන් හොඳින් දැන
සිටියේය. ඔහුගේ රැකියාව වූයේ තමාගේ ලොක්කාට අවශ්‍ය ආකාරයෙන් ඡන්දය ලබාගැනීම සඳහා
කොන්ග්රස් සභිකයන් නම්මා ගැනීම වූයේය. රැකියාවට හොඳ වැටුපක් ගෙවීය. ඊතන් එනිසා
දිවා රෑ වැඩ කළේය. නිදහසක් ලැබුණු විටෙක ස්කලීද නිදහස් නම් ඔහු ස්කලී හා එක්
වූයේය. ඔවුහු අර්ධකාලීන පෙම්වතුන් වූහ. පූර්ණකාලීන වෘත්තිකයන් වූහ. ස්කලීට නම්,
මුකුත්ම නැතිවාට වඩා, යන විදිහ හොඳ එකක් විය.
ඊතන් ගැන සිතීම
නතර කිරීම, ඔහුගේ දර්ශනය හිතින් ඈත් කිරීම අමාරු වූවක් නොවීය. නමුත් ඒජන්ට් ජෝනස්
සමඟ අවසන් වරට කළ සාකච්ඡාව මතක් නොකර සිටීම ඇයට කළ නොහැක්කක් විය.
මුල්ඩර්ගේ
කාර්යාලයෙන් පිටවූ පසු, ස්කලී, ජෝන්ස්ගෙන් මෙසේ ඇසුවාය, “මොකද ඒ
ගොල්ලන්ට මුල්ඩර්ව ඔච්චර වටින්නේ?”
“ඒ
ගොල්ලන්ගේ එක එක හේතු,” ජෝන්ස් පැවසුවේය.
“එහෙනම්
ඇයි ඒගොල්ලො මාවම තේරුවේ?” ස්කලී ඇසුවාය.
“ඇත්තටම
මමයි ඔබව තේරුවේ,”
ජෝන්ස් පැවසුවේය.
“හොඳයි,
ඇයි ඔබ මාව තේරුවේ?” ස්කලී ඇසුවාය.
“මම
දැනගෙන හිටියා ඔයා සාධාරණ විදිහට හිතන කෙනෙක් බව,” ජෝන්ස් පැවසුවේය.
ඊට වැඩි යමක්
ජෝන්ස් පැවසුවේ නැත. නමුත් ඇය ස්කළී දෙස බැලූ ආකාරයෙන් ඇයට බොහෝ දේ තේරුම් කර
ගැනීමට හැකි විය. කාර්යාංශයට ඇය විසින් ළඟඳීම සුභ ආරංචියක් ලබාදෙනු ඇතැයි ඔහු
විශ්වාස කරන බව ඒ බැල්මෙහි ලියවී තිබුණේය. එසේම කාර්යාංශයේ ඉහළ නිළධාරීන්ට වඩා
වෙනස් ආකාරයෙන් මුල්ඩර් ගැන තක්සේරු කරන බවද එහි ලියැවී තිබුණේය.
ස්කලී, මුල්ඩර්
දෙස පැත්තකින් බැලුවාය. නිදාසිටින විට නම් ඔහු අහිංසක දරුවෙකුගේ ස්වාභාවය ගත්තේය.
ඔහු, ප්‍රශ්න ඇතිකරගැනීමට සමතෙක්ද? නැතිනම් ප්රශ්නකාරී පිස්සෙක්ද? ඇයට ඒවා
තේරුම් ගැනීමට නම් මඳක් ඉවසා සිටීමට සිදුවනු ඇත.
එක්වරම ආසන පටි
ආලෝක සංඥා පත්තු වන්නට වූයේය.
යානයේ
නියමුවාගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නැඟී ආවේය. “කරුණාකරලා මගීන් සියළු දෙනා ආසන පටි පැළඳගන්න. අපි යානය
ගොඩබස්සන්න යනවා -“
ඔහුට කියන්නට
හැකි වුනේ එපමණකි. යානයේ ඇතිවූ ගැස්සීමත් සමඟ ඔහුගේ හඬ මඟ නැවතුනි. දැවැන්ත අයෝමය
හස්තයකින් පහරදුන්නාක් මෙන් යානය දෙදරන්නට වූයේය. ඉහළ රඳවා තිබුණු ගමන් මලු,
ඝට්ටණය නිසා බිම වැටී විවෘත විය. එක්වරම සියළුම ආලොක බුබුළු නිවී ගියේ යානයේ එන්ජිනයේ
ශබ්දය නතර වන්නාත් සමඟය. මඟීන්ගේ කැගැසීම් හා විලාපයන් තවත් වැඩිවන්නට වූයේ යානය
බිමට ඇල වන්නාත් සමඟය.
ධෛර්යය ගන්න, ස්කලී තමාටම කියා ගත්තාය. පහළ බැලූ ඇයට තම දෑත් විසින්
ආසන ඇන්ද අයෝමය ෙලස ග්‍රහණය කරගෙන ඇති අයුරු පෙණුනි.
එක්වරම ආලෝක
බුබුළු දැල්වුනේය. එන්ජිනයද පුරුදු ගෙරවීම ආරම්භ කළේය. සතුටු සිනහවක් මුෙවහි
රඳවාගෙන දෑස් නිදිගැට කඩමින් ඇහැරෙන මුල්ඩර්ව ස්කලී දුටුවේ එවේලෙහිය.
“මේක
වෙන්න ඇති තැන,”
ඔහු කීවේය.
කුලී රථයේ
යතුර, ස්කලී අතට දෙමින් මුල්ඩර් නැවත ඔහුගේ සිනහව පෑවේය.
“ප්ලේන්
එකේ ආව වගේ තමා මම එෙලව්වොත්,” ඔහු ඇයට කීවේය, “ඔයා මොන විදිහෙන් වත් කැමති වෙන එකක් නෑ මම එළවන විදිහට.”
ස්කලී මුවින්
නොබැන සුක්කානම අතට ගෙන රිය පණගැන්වූවාය. ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය දිගේ පිටතට
පැමිණි රථය බ්ලැක්පොට් අධිවේගී මාර්ගයට අවතීර්ණ වූයේය.
ඇයට පැත්තකින්
සිටි මුල්ඩර් තරමක් විශාල අව්කණ්නාඩි යුගයලක් පැළඳ ගත්තේය. මෝටර් රථයේ ගුවන්විදුලි
සංඥා එහා මෙහා කරමින් තමා ප්‍රිය කරන වර්ගයේ නාලිකාවක් හසු කරගත් ඔහු සුදුපාට
පාර්සලයක් ඇයට පෑවේය.
“සූර්කාන්ත
ඇට... කනවද?”
ඔහු ඇසුවේය.
“එපා,” ස්කලී කීවාය. “එලවන කොට මම
ඕවා කන්නේ නෑ.”
“මේවා
මාර ගති.”
මුල්ඩර් විරිත්තමින් කීවේය. “ගණන් ගන්ඩ එපා.”
“මම
අර ලිපිගොනු කියෙව්වා,” මාර්ගය වෙත දෑස යොමා ගෙනම ස්කලී කීවාය. “එෆ් බී අයි මේ ගැන කලින් පරීක්ෂණ කරලා තියෙන බවක් ඔබ මට
කිව්වේ නැහැනේ.”
“එෆ්
බී අයි පළවෙනි මරණ තුන ගැන නම් පරීක්ෂණ කළා,” මුල්ඩර් ඇයව දැනුවත් කළේය. “අන්තිමට සාක්ෂි
නැති බව කියලා ඔවුන් පර්යේෂණය අත්හිටෙව්වා.”
අව්කණ්නාඩි
නිසා මුල්ඩර්ගේ දෑස ස්කලීට නොපෙනුනත් ඒවා රැළිගැන්වුනු බව නම් ඇයට මොනවට හැඟී
ගියේය.
“ඔබ
ඇත්තටම විශ්වාස කරනවා මේ තරුණියගේ මරණයත් ඇයගේ පන්ති සගයින්ගේ මරණයත් අතර
සම්බන්ධයක් තියෙනවා කියලා,” ස්කලී පැවසුවාය.
“ඒක
හේතු සහගත අනුමාන කිරීමක්,” මුල්ඩර් කීවේය. “එකම වෙනසකට
තියෙන්නේ මේ ගෑණු ළමයාට තමයි අර අමුතු සළකුණුයි අනික් හඳුනා නොගත් ද්‍රව්‍යයයි
දෙකම තිබූණේ.”
ගුවන් යානයේදී
ඇය කියවූ ලිපිගොනු මතක් කරමින් ස්කලී හිස සැලුවාය. “ඒ වගේමයි මේ ළමයව කායවිච්ඡේදනය කරලා තිබුණේ වෙනත්
පරීක්ෂකයකු විසින්.”
මුල්ඩර්ගේ දෑස්
දීප්තියෙන් පිරී ගියේය. “නියමයි ස්කලී. මම හිතුවට වඩා ඔයා හොඳයි වගේ.”
“බලාපොරොත්තු
උනාට වඩා හොඳයි. එහෙමද?”
“විද්‍යාවේ
සීමාසහිත භාවය විසින් නිතරම වාගේ සීමාසහිත විද්‍යාඥයින් නිර්මාණය කරනු ලබයි.” මුල්ඩර්
පිළිතුරු දුන්නේය.
“මම
හිතනවා ඒ වචන ඔයා කන සූර්යකාන්ත ඇට වගේ රසවත් ඇති නේද?” ස්කලී ක්ෂණිකව
පැවසුවාය.
නමුත් මුල්ඩර්
සිටියේ වෙන සිහියකිනි. ඔහු රේඩියෝව වෙතට නැමෙමින් යමක් ශ්‍රවණය කිරීමෙහි උත්සුක
වූයේය.
එල්විස්ගේ ගීත
ගායනය නැවතී තිබුණි. පහත් ගුම්නාදයක් ඒ වෙනුවට ෙර්ඩියෝවෙන් ඇසෙමින් පැවතින. දෙකන්
කීරි ගස්සන එවැනි ශබ්දයක් ස්කලී මින් පෙර අසා තිබුණේ නැත.
“කාර්
එක නවත්වන්න!”
මුල්ඩර් කීය. “නවත්වන්න!”
ස්කලී කෙතරම්
තදින් තිරිංග පෑගුවේද යත් ට්‍රන්ක පෙට්ටි පවා ඇරී විවෘත වුණි.
ක්ෂණයකින්
පිටතට පැමිණි මුල්ඩර්, ට්‍රන්ක පෙට්ටිය අවුස්සා යමක් ඉන් ඇද ගත් අතර, ස්කලීට කළ
හැකිවූයේ සියල්ල ෙදස මුව අයා බලා සිටීම පමණි.
මුල්ඩර්ගේ
අතෙහි තීන්ත විදිනයක් වූයේය.
තැඹිලි පැහැති
තීන්ත විදිනයක් වූයේය.
මහාමාර්ගයේ යාර
දහයක් පමණ පසුපසට ඇවිදගෙන ගිය මුල්ඩර්, තාර මතුයෙහි විශාල එක්ස් අකුරක් තැඹිලි
පැහැයෙන් ඇන්දේය.
“මොන
විකාරයක්ද ඔයා මේ කරන්නේ?” කාරය තුළට මුල්ඩර් පැමිණි පසු ස්කලී ඇසුවාය.
“මුකුත්
නෑ,”
දෙවුර ගස්සමින් මුල්ඩර් පැවසුවේය. ඉන් පසුව ස්කලී දෙස බැලූ ඔහු “කිව්වත් ඔයාට
තේරෙන්නෙ නෑ, නැද්ද?” පැවසීය.
ස්කලී එයට නම්
එකඟ වූවාය.
ඒකාන්තයෙන්ම ඇය
වටා සිදුවන දේ වල තේරුම ඇය දැනගෙන සිටියේ නැත. මුල්ඩර්ගේ හිස් ගෙඩිය තුළ ඇත්තේ
කුමන අදහස් දැයි ඇයට නිනව්වක් නොම වීය. ඒ එසේම මේ යන ගමනේ අවසන කුමනාකාර දෙයකට
මුහුණ දීමට ඔවුනට සිදුවේදැයි ඇයට කිසියම් හෝ ඉඟියක් නොම වීය.
පොත මිලදී ගත හැකි තැන්
එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා
සරසවි දිවයින පුරා ශාඛා
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ
දයාවංශ ජයකොඩි - මරදාන
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව
ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.
පිටපතක මිල රු. 300/=
(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)
ඔබේ හැඳින්වීම හරිම සිත්ගන්නා සුලුයි - එන්නම් කියවන්න - ලියමු එහෙමනම් - හොඳ එකතුවක් වේවි අපේ දරුවන්ටත් කියවන්න - ස්තූතියි
ReplyDeleteබොහොම ස්තූතියි තිස්ස...
ReplyDeleteඑක හුස්මට හතරම කියෙව්වා... හරිම උතුම් වැඩක් ඔයා කරන්නේ මේ.. දිගටම ලියන්න.මම fb එකෙත් share කරන්නම්...සහතිකයි..hits 10000 පනිනවා මුල් මාස කිහිපය ඇතුලතම
ReplyDeleteබොහෝම ස්තූතියි මිනුදිල්! ඇත්තටම දැන් මට ඕනි වෙලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ හැම පොතක්ම පරිවර්තනය කරන එක!
ReplyDeleteමේක නම් සිරාම වැඩක්... හොඳ පබ්ලිසිටියක් දීල ගන්න.
ReplyDeleteඉක්මනටම ඉතුරු කොටස් ටිකත් දාන්න..
ReplyDelete