පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

එක්ස් ෆයිල්ස් තේමා ගීතය හැදුණ හැටි

Type REG para & send the SMS to 77000 & get paranormal updates to your mobile phone!


එක්ස් ෆයිල්ස් හි අතිශය ජනප්‍රිය තේමා සංගීතය නිපදවන ලද්දේ මාර්ක් ස්නෝව් විසිනි. මාර්ක් ස්නෝව් එක්ස් ෆයිල්ස් කථා මාලාවට සම්බන්ධ වූයේ එහි නිෂ්පාදකයකු වන ගුඩ්වින්ට පින්සිදු වන්නටය. ගුඩ්වින්ගේ බලකිරීම මත ක්‍රිස් කාටර් මාර්ක් ස්නෝව්ට pilot’ සඳහා සංගීතය නිර්මාණය කිරිමට ආරාධනය කළේය.

එක්ස් ෆයිල්ස් තේමා ගීතයට බහුලවම යොදාගෙන තිබුණේ වාද්‍ය උපකරණය. තේමා ගීතයේ සුප්‍රකට උරුවන් බෑමේ කොටස නිර්මාණය කිරීමට 1985දී ද ස්මිත්ස් සංගීත කණ්ඩායම නිර්මාණය කළ ‘How Soon is Now’ ගීතය පිටිවහල් වූ බව කියැවේ. ඔහු එය අනුව Whistling Joeප්‍රයෝගය යොදාගනිමින් සංගිත ඛණ්ඩයක් නිර්මාණය කළ බවත් එය ශ්‍රවණය කළ ක්‍රිස් කාටර් ප්‍රහර්ෂයට පත්වූ බවත් එය සාර්ථක වන බවට ඔහුට හැඟී ගිය බවත් කියවේ. තිරය පිටුපස කතා වලට අනුව මෙම සංගීතයේ දෝංකාර කොටස අහම්බයෙන් නිර්මාණය වූවකි. මෙම සංගීත කොටස් නිර්මාණය කරගෙන යද්දී එහි කුමක් හෝ වරදක් ඇති බවට ස්නෝව්ට හැඟී ගොස් තිබුණි. එක්වරක් හදිසියේම කාටර්, ස්නෝව්ගේ කාමරයට පැමිණෙන විට ස්නෝව් කළකිරීමෙන් යුතුව තම අත්ල හා වැලමිට තම ඕගනයේ යතුරු පුවරුව මත හෙළුවේය. එම අහඹු ක්‍රියාව නිසා ඕගනයෙන් දෝංකාර සංගීතයක් නිපදවුණේය. එම සංගීතයට ක්‍රිස් කාටර් සතුටු වූයේළු. මෙම සංගීතය ඕගනයෙන් තමා විසින් කළින් නිර්මාණය කරගෙන සිටි වගක් ස්නෝව් කීවේළු. එක්ස් ෆයිල්ස් දෙවන කථාංගය වන Deep Throatසඳහා පළමු වරට ස්නෝව් මුළු කතාංගය සඳහාම තනි නිර්මාණකරණයක යෙදුණේය. මුල් කතාංග වල එතරම් සංගීතය යොදාගෙන තිබුණේ නැත. තේමා ගීතය මුලින්ම එළි දැක්වුණේ Deep Throatසඳහාය.

එක්ස් ෆයිල්ස් චිත්‍රපට ද්විත්වය සඳහා සංගීතය නිර්මාණය කිරීමද ස්නෝව්ට භාර වුණි. චිත්‍රපට සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ සත්‍ය සංගීත භාණ්ඩ වලින් වූ අතර කලින් එය සිදුකරන ලද්දේ ඩිජිටල් අනුසාරයෙන් විය. ස්නෝව් විසින් නිර්මාණය කරන ලද එක්ස් ෆයිල්ස් පළමු චිත්‍රපටයේ සංගීත පටය වන The X-Files: Original Motion Picture Score 1998 දී එළිදක්වන ලදී. දෙවන එක්ස් ෆයිල්ස් චිත්‍රපටය සඳහා Hollywood Studio Symphony සමඟ එක්ව 2008 වසරේදී ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ නිවුමන් ස්කෝරින් ස්ටේජ් හි සංගිතය පටිගත කරන ලදී. The X-Files: I Want to Believe: Original Motion Picture Score, සංගීත පටය 2008 වසරේදී නිකුත් කරන ලදී.



Type REG para & send the SMS to 77000 & get paranormal updates to your mobile phone!



Leave a Reply